(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2012/12/16

~~ඔබ~~


මගේ හදමඬල ළඟ
පිපෙන සුවඳ මල නුඹයි
කිතිකවන හිත් පත්ල
කල්පනාවත් ඔබයි
සිත ඔබයි ලොව දකින
ඇස් නුඹ තමයි
සතුට - ශක්තිය - අතීතය
අනාගතය ඔබමයි..

2012/08/11

ජීවිතය ඔබෙන් දැන...



ජීවිතය ඔබෙන් දැන ආදරයෙන් සිප
ලඟම තබාගෙන මුතු කැටය ලෙස
මේ කුලකින් රිංගන තරු එළියක් ලෙස
මිහිර විඳින්නම් ලඳුනි සදාදර..

2012/08/08

ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ....



සිනා පිපෙනා මේ වසන්තය 
නෙලා දෝතින් මලක් සේ... සිනා සී..
ම‍ගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී... ඔබයි ගෙන ආවේ..
වසන්තය මලක් සේ...

එකම එක දිග පුංචි කවියක් තවම ලියනවා මං...



ලියූ කවි පද දහක් අතරේ 
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක් 
තවම ලියනවා මං...
තවම ලියනවා මං...

2012/08/06


හීනෙන්වත් ඇවිදින් ගීතයක් ලෙසින්
රිදවන්න එපා මගෙ හිත මෙතරම්
මට මගේ පාඩුවේ ඉන්නට ඉඩ දෙනවානම්..

2012/08/04

ඔබ මා හමු වේ නම්...



ඔබ මා හමුවේ නම්...
එකම කතාවක්... එකම වතාවක්
යලිත් කියන්නට......
ඔබ මා හමු වේ නම්...

මලක් වුනේ ඇයි නුඹ මට



මලක් වුනේ ඇයි නුඹ මට 
ජීවිතයට සුවඳ සළන
එනමුදු සිපගන්නට තහනම්
විලක් වුණෙ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින 
දිය දෝතක් බොන්නට තහනම්...

2012/08/03

කවදාවත් නුබේ ලොවෙන් මිදෙන්න මට බෑ...

නුඹේ සිනා මල් දැක්කම
හිත පිබිදෙයි හැම මොහොතෙම
නුඹේ සෙනෙහස අහිමි වගක්
මට දැනෙන්නේ නෑ...

2012/08/01

~~මට අයිති නැතත් නුඹ~~



මට අයිති නැතත් නුඹ - මගෙ ළග නැතත් නුඹ
මට මොන වෙනසද සොදුරියේ
ඔහොම දුරින් හිද භවය පුරා මට හිනැහේනම්
මට ඒ ටිකම ඇති...

නුඹ වෙනුවෙන් කවි ලියන්න......


නුඹ වෙනුවෙන් කවි ලියන්න
නුඹේ ඇස් මට ඉගි කරනවා
ඒත් හිතට දුක දැනෙනවා
නුඹ අන්සතු බව කියනවා...

2012/07/24

මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්....


මං දන්නවා ඔයා කවදාවත් මගේ වෙන්නේ නෑ කියලා.මගේ කර ගන්න බෑ කියලා.ඒත්.. ඒත් මං එහෙම හිතන්නේ නපුරුකමට නෙවෙයි සුදූ.ඔයා ගොඩක් හොද කෙනෙක්.ගොඩක් අහිංසක කෙනෙක්.ඔයා මට ගොඩක් ලෙංගතුයි කියලා මම දන්නවා.ඒක නොදන්නවා නෙවෙයි.

2012/07/23

~අමාවක අහස~


ඔබම කවි හිතක් කළ
ඔබටම කැපවූ
මේ හිත....
සඳ තරු
නොපායන
අමාවක අහසකි

2012/07/10

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 08]

Ane man oyagen podi baduwak illanna hitiye.e unata illanna mokakda wage.mokada man mechchara kalekata mehema deyak kagenwath illala ne.illanna hithalawath ne.berima thena thamai oyagen meka ahanne.mata..............

2012/07/09

~ආදරය හා ප්‍රයිවෙට් බස්~



ඕන තැනකින් නගින්නට හැකි
ඒත්,
අපිට ඕන තැනින් බහින්නට බැරි
ප්‍රයිවෙට් බස්
වගේ නොවේද,
ආදරය....

2012/06/30

උන්නු එකම ලෙංගතු හිත යන්න ගිහින්...



දුකක් දැනුනම ළගින් ඉන්න, ආදරෙන් කතා කරන්න මට හිටියේ ඔයා විතරයි.ඒත් දැන් ඔයා හින්දම පෑරුණු මගේ හිත හදන්න,දුක අහන්න,ඇස් දෙකෙන්  ඔයා  වෙනුවෙන් වැටෙන කදුළු පිහින්න මං ළග කවුරුත් නෑ.හැමදාටම මෙච්චර ආදරේ කරපු මාව දාලා ඔයා යන්න ගිහින්.
වැටෙන කඳුළු පිසලන්නට
හිස අතගා... සනසන්නට
උන්නු එකම ලෙංගතු හිත
යන්න ගිහින්... දුක තියාන...

2012/06/21

෴සහෝදරත්වය෴



තල් කොළයයි
පොල් කොළයයි
එකට තියා
වියමුය අපි
හරි ලස්සන කලාළයක්

2012/06/13

~~සංසාර සිහිනය~~

මල් සුවඳක සඳ රෑල්ලක
හැංගී ළඟ උන්නු
පිණි අහුරක කඳුළු පොදක
සීතල හා බැදුණු
සිනා මලක පැතුම් ගඟක
සුවඳ එක්ක රෑදුණු
සීතල පෙම් කුසුම නුඹයි
මහද පුරා පිපුණු.....

2012/05/18

සිතන්න හිතට ගන්න...!



ඔබ මේ ගැනත් සිතුවාද

කරුණාව අපගේ ශක්තියයි
සත්‍ය අපගේ විශ්වාසයයි
හෘද සාක්ෂිය අපගේ උපදේශකයායි
සාමය අපගේ නිවහනයි
ස්වභාවධර්මය අපගේ මිතුරායි
ප්‍රියමනාපබව හා කරුණාවන්තබව අපගේ ජීවිතයයි
නිහතමානීබව අපගේ සත්‍ය ධර්මයයි
එකමුතුකම අපගේ ශක්තියයි....!

2012/05/16

~~ශ්‍රේෂ්ඨත්වය~~


උදාර පුරුෂයන්ගේ ජීවිත දෙස බලා
අපිට අපේ ජීවිත උදාර ජීවිත බවට පත්කළ ගත හැකිය,
අපෙන් සමුගන්නා ඒ ශ්‍රේෂ්ඨ පුරුෂයින් 
කාලයේ වැලි තලාවන්හි තම පියසටහන් ඉතිරි කොට
ජීවිත තක්සලාවෙන් සමුගනිති,

2012/04/01

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 07]


AMMA : putha dan negitina,dan eliwela.balana ara kurullo udenma nagitala panuwo allan kana lassana.
PUTHA : hoda wade panuwanta udema nagitinawata.
gud morng....!

2012/03/10

බලාපොරොත්තුව


ලබාගන්නට බලා ඉන්නවා මම
නුඹේ දයාබර සෙනෙහස
මා ළග රෑදෙන මා හට
උරුම වන
කෙදිනක හෝ දිනයක්
එනතුරු.....

2012/03/06

කෙලෙස යන්නද හැර දමා....


සුවඳ මල් ඇත පරවෙලා
මලක රොන් ගිලිහිලා....
සිත මිලින වී තනිවෙලා
සුවඳ සදහට වෙන්වෙලා....
ලබැඳි නුඹ අඩ සඳ විනා
කරමි කෙලෙසක පුන් සඳකට සමා...
දිවෙති සිත නොදැනිම පලා
වැරය වෑයම බිඳහෙලා...

2012/03/02

ඔබේ පෙම


පිච්ච මල් පෙති අතර රදවමි
මගේ හිතේ  ඇති ආදරේ
ඔබට ඇති පෙම මනින්නට බෑ
තරම් වෙයි එය සාගරේ......
සුවඳ දුන්දා ලඟින් ඉන්නට
දිවි තිබෙන තෙක් මා කෙරේ
සතුට හද තුළ රැඟුම් දුන්නා
එයයි මා පැතූ ආදරේ.....

2012/02/28

~~නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්......~~


මගේ හිත තෙරක් නොපෙනෙන මිරිගුවක තනිකරලා ඔයා හුගක් දුර ගියා.කවදාවත් හැබෑ කර ගන්න බැරි හීනේ ඔයා ඉන්නකොට මගේ හිත ගොඩක් රිදුණා.

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්
නුබ ඈවිත් හිත ලගට හොරෙන්
ආවට නොකියාම ජීවිතෙන්
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්

2012/02/24

අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා බුදුහාමුදුරුවනේ...



ඇත්තටම මෙ සිංදුව අහද්දි අපිට කොච්චර තනි කමක් දැනෙනවද... මෙ ජිවිතෙ කොපමණ හිස්බවක් දැනෙනවද....... ඒකෙන්ම හිතා ගන්න පුලුවන් මෙ ගීතයෙ පද, සංගීතය කොතරම් ත්‍රිව්‍රරද කියලා....

පිහිටක් නෑති සරණක් නෑති
සතුටක් ඈති මුහුණක් නෑති
මේ සසර දනව්වේ
අපි අසරණ වෙලා වගෙයි හිතට දෑනෙනවා
බුදුහාමුදුරුවනේ . . .

2012/02/20

සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී......




ආත්ම ගණනාවක් බාධක කම්කටොලු ඔයා මගේ කර ගන්න කොයිතරම් පෙරුම් පිරුවද.. හැමදාම ඔබේ ලගට වෙලා හිනාවෙන්න,ඔයාගේ ආදරේ හැමදාම මගේ කර ගන්න අද මට පුලුවන් වුණේ මම හැමදාමත් ඔයාගේ නමින්ම කැප වෙලා හිටපු හින්දයි.
සොඳුරු අතීතයෙ නිමල පෑතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඈතී
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඈතී  . . .

2012/02/14

(¯`•._.• නුඹ •._.•´¯)


මහෝඝය විය නුඹේ සෙනෙහස
මගේ ජීවිත ඔරුව පැද යන....
සිහිල් දියවර ඔබම විය මට
ගමන් වෙහෙසට පවස සිඳලන....
සුවඳ මදනල නුඹයි මගෙ ලොව
ගතක් සරසා සිතත් සනසන....
කෙසේ අතහැර යම් ද මම නුඹ
මගේ දිවියම නුඹම වූ විට....

2012/02/09

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 06]


Gedarin monawa kiuwath api badimu ane.Loku wiyadamak nethuwa charmwa karamu.api 2na ekathu wela lassana punchi kuduwak hadamu.punchi petaw 3-4k hadamu.oya kemathi neda? Muladi kauru bennath passe owa hariyai.Man dannawa oya be kiyanne ne kiyala.Vesak ekata sathi 2k wath kalin saw kola genalla patan gamu.

2012/02/05

මුදියන්සේලා....


මම කලින් දැන උන්නනම්
උඹේ අම්මා, අප්පොච්චා කැමති
මුදියන්සේලාට කියලා
අම්මපා...