(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/04/29

අන්තර්ජාලයේ අපරාධ හෝඩිය [Cyber Crime]



ඇඩ්වෙයා [Adware]
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.

බ්ලැක් හැට් [BlackHat]
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.

2011/04/24

අයිකන් මවන සූත්තරේ - ICON EDITOR

තමන් කැමති තාලෙට තමන්ට කැමති අයිකන් එකකින් තමන්ගේ ෆෝල්ඩර්ස්, ඩෙක්ස්ටොප් එක ආදිය හැඩ වැඩ කර ගන්න ආසයිනේ.ඉතිං මේ සඳහා තමන්ටම කියලා අයිකන් නිර්මාණය කර ගන්න ඕනේ.මේ වැඩේට විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් නොමිලේම බා ගන්න පුළුවන්.මේ මෘදුකාංග අතරින් වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් ගැනයි අද ඔයාලට කියන්න යන්නේ.


මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".

2011/04/21

මොකක්ද මේ IPL

ඉන්දියන් ප්‍රීමියර් ලීග් [INDIAN PREMIER LEAGUE-IPL] ඉන්දියාවේ පවත්වනු ලබන විස්සයි20 [TWENTY20] ක්‍රිකට් තරඟාවලිය සඳහා වූ වෘත්තීය ගිවිසුමයි.එහි මූලිකත්වය ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය [Board of Control for Cricket in India-BCCI] සතු වන අතර මූලස්ථානය මුම්බායි මහාරාෂ්ත්‍රහි [ MAHARASHTRA] පිහිටා ඇත.

2011/04/19

අපේ අළුත් ක්‍රිකට් නායකත්වය


මේ ගැන දැන් අපි කවුරුත් දන්නවා.නමින් ඔහු තිලකරත්ත ඩිල්ෂාන්.අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අරම්භක පිතිකරුවා.මුලින්ම ඔහුට සුභ පතන ගමන් එහෙන් මෙහෙන් සොයා ගත්ත විස්තර ටිකක් කියන්න තමයි යන්නේ.

2011/04/14

නව වසරකට ආසිරි.....!



ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද 
පැතුම් මල් ඉටුවන
සතුටු සිනා කැන්දන
වාසනාවන්ත වසරක් වේවා....!

ළබැඳි හිතමිතුරු සියළුම දෙනාට 

෴මනූගේ blog සටහනින්෴ 


ආසිරි.....!

2011/04/13

මයික්‍රොසොෆ්ට් දුන්න අලුත් තෑග්ග I.E 9


වින්ඩෝස් භාවිතා කරන අයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අලුත් වෙබ් බ්‍රවුසරය පසුගිය මාර්තු 14 වෙනිදා හඳුන්වලා දුන්නා.ඒ අයිඊ9 [I.E 9]. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නම් කරලා තියෙන්නේ "අන්තර්ජාලයේ අසිරිය හොඳින් නරඹන්නට ඇති මඟ [Welcome to a more beautiful web]" යනුවෙන්.ඕනෑම වින්ඩෝස් සංස්කරණයකට පහසුවෙන් භාවිතා කරන්නට හැකි වන පරිදි මෙය සකසා තියනවා.දැන් ඕනෑම කෙනෙකුට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

2011/04/05

ලෝක කුසලානයෙන් පසු අපේ ක්‍රිකට්




දෙවන වරටත් ලෝක අනුශූරයන් වූ සංගා ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම සුභ පැතුම් එකතු කරන්නට කැමතියි.


ලෝක කුසලාන තරඟාවලිය අවසන්.අප සියළු දෙනාගේ බලාපොරොත්තු මැද ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලැබුවත් අපිට හිමිවූයේ නැවත් වරක් අනු ශූරයන් වී ආපසු පැමිණීමටය.


සියල්ල සිදු වී හමාරය.නැවත් වරක් ලෝක කුසලානයක් වෙනුවෙන් සිහින දැකීමට 2015 වන තෙක් බලා සිටීමය සිදුවේ.එය එසේ වුවත් අපේ ක්‍රිකට් අදින් නතර නොවේ.2015 වනතෙක් වෙනත් තරඟාවලීන් සඳහා අපට මුහුණ දීමට සිදුවේ.ඒ සඳහා අපි සූදානම් විය යුතුය.සිදුවූ වැරදි අඩුපාඩුකම් හදා ගත යුතුය.තිබූ දක්ෂතා වැඩුදියුණු කර ගත යුතුය.