(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/02/12

ෆේස්බුක් ඇබ්බැහිය- පිස්සු රෝගයක්



මේක සමීක්ෂණයක්.මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ඇමෙරිකාවේ ඔක්සිජන් මීඩියා [Oxygen Media] ආයතනය.ඔවුන් කියන විදියට ෆේස්බුක් වෙත එන සෙනඟ අතරින් වැඩියෙන්ම  ඇලීගැලී සිටින්නේ කාන්තාවන් බවයි.අවුරුදු 18ත් 34 ත් අතර කාන්තාවන්.


ෆේස්බුක් වෙත නිතර එන යන සෙනඟ කෝටි 55 කටත් වැඩියි.දිනපතා මේ පිරිස වැඩිවෙමින් පවතී.අලුතින් දිනකට ෆේස්බුක් වෙත එන පිරිස හත් ලක්ෂයක්.මේ අනුව 2012 වන විට ෆේස්බුක් සෙනඟ කෝටි 100ක් වන බවයි ගණන් බලා තියෙන්නේ.



ෆෙස්බුක් ගිණුම් කෝටි 55 අතරින් කෝටි 30ක් දිනපතා ෆේස්බුක් එන යන අය.එසේ විත් අඩුම වශයෙන් පැයක්වත් කාලය ගත කරන බවයි ආරංචිය.



මෙය ෆේස්බුක් වෙත ඇබ්බැහිවීම මාසික රෝගයක් ද යන්න තවමත් නිශ්චිතව තීන්දු කර නෑ.ඒත් දැනටමත් මේ ඇබ්බැහියට "ෆෙස්බුක් ඇඩික්ෂන් ඩිසෝඩර් [FAD- Facebook Addiction Disorder]" කියල නමකුත් දාලා තියනවා.බොහෝ උගතුන් සැක කරන්නේ මෙය උන්මන්තක තත්වයක් බවයි.ඊට සියළුම වයක් කාණඩ වල පිරිස් ගොදුරු වී සිටිනවා.


ෆේස්බුක් සමඟ වැය කරන කාලය සොරා ගන්නේ තමන්ට වැඩ කරන්නට තියන කාලයෙන් නම් එය ඇබ්බැහිවීමක් ලෙසයි පෙන්වා දෙන්නේ.


මෙතැනදී සමාජ ක්‍රියාකාරින් කාටත් පොදුවේ දෙන උපදෙසක් තියනවා.සෝෂල් නෙට්වර්කිං හොඳයි.එහෙත් අනෙක් හැම වැඩටම වඩා නොවෙයි.එය ජීවිතේ විනෝදාංශයක් සේ සලකා  පුරුදු වුවහොත් හොඳ සමාජ මෙවලමක් යන්නයි.
-විජය පරිඝණක සඟරාව ඇසුරෙන්-

කවුරු මොනවා කිවුවත් මම හැමදාම ෆේස්බුක් එනවා.ඔන්න මගේ අදහස කෙළින්ම කිව්වා.ඔයලා මොකක්ද මේ ගැන හිතන්නේ.දාමු බලන්න ප්‍රතිචාර....!


ෆේස්බුක් ගැම මම මීට කලින් ලියපු ලිපියක් මෙතනින් බලන්න.


ෆේස්බුක් Theme  එක වෙනස් කර ගන්න ඕනෙනම් මෙතන බලන්න.


8 comments:

  1. Sahenna hoda watina lipiyak
    eth oya lipiya me February month eke WIJAYA PARIGANAKA magazine eke thibba article ekak
    eke nisa meeta passe a wage deyak karala post ekak danakota oya eka gaththu source eka danna amathaka karanna epa

    ReplyDelete
  2. @charith yashodha:- ස්තුතියි යාළුවා.. මට ඒ ගැන කියලා දුන්නට. මම ලිපියේ ඒ ගැන දාන්නම්.

    @මෝල්ඩර් ෆයිල්ස්:- :D

    ReplyDelete
  3. මම නම් ගැලවුනා Facebook වලින්... මම මේ අවුරුද්ද පටන් ගද්දිම හිතා ගත්තා ආයේ FB යන්නෙ නෑ කියලා...ගිය අවුරුද්දෙ ගියාට පස්සෙ තාම ගියෙ නෑ..

    ඒත් දැන් ඒ කාලෙ යොදා ගන්නවා blog කියවන්න...

    ReplyDelete
  4. තමන් දැනගන්න ඔන හැම දෙම පාලනය කරගන්න.වෙන මොනවද?වැදගත් ලිපියක්.


    මාගේ බ්ලොග් එක http://pinthura.info

    ReplyDelete
  5. @හරී:- ඒක නම් ගොඩක් හොදයි.වැදගත් දේවල් අපේ ජිවිත වලට එකතු කර ගන්න පුලුවන්.පොත්පත් කියවනවා වගේම දැනුමක් එකතු කර ගන්න පුලුවන්.ස්තිතියි ප්‍රතිචාරයට... :D

    @Cual-Dor-රශෝද්:- ඔව් යාළුවා.ඒ කතාව හරි.තමන්ට තමන් පාලනය කර ගන්න බැරිනම් කිසි වැඩක කර ගන්න බැරි වෙනවා.ස්තිතියි ප්‍රතිචාරයට... :D

    ReplyDelete
  6. මමත් ඔය ගැන මට හිතෙන දේ මගේ බ්ලොග් එකේ ලිව්වා. මෙතන බලන්නකෝ.

    http://chathucn.blogspot.com/2011/02/fb.html#more

    ReplyDelete
  7. fake profile ඕන තරම් තිනවනේ ගැණු නම් වලින්
    ඉතින් සමික්ෂණය , අනිත් පැත්ත වුණානම් තමයි වැ‍රැද්ද..

    ReplyDelete