(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/01/01

හැල ගෙම්බාගේ නීතිය...

හා හා පුරා කියලා අළුත් අවුරුද්දේ මුලින්ම ජීවිතේට පාඩමක් එකතු කරන්නට කියලා හිතුවා.


ධනාත්මක චින්තනය[Positive Thinking], බෝහෝ අවස්ථාවල නිතර නිතර කතා වෙන මාතෘකාවක්.ධනාත්මක චින්තනය යන්නෙහි සරල තේරුම 'සුභවාදී වීම' යන්නයි.අපි ලෝකය දිහා, අපේ ජීවිත දිහා, අනෙක් මිනිසුන් දිහා අපිට සුභවාදීව දකින්නට හැකිනම්, ලෝකය ගැන, ජීවිතය ගැන, මිනිසුන් ගැන සුභවාදීව හිතන්නට හැකි නම් අපිට සාර්ථකව අපේ අනාගතය ගොඩ නඟා ගැනීමට හැකියාව ඇත.

ධනාත්මක චින්තනය-සුභවාදී  වීම යනු කුමක්ද යන්න පිලිබඳව කෙනෙකුට ගෙන හැර දැක්විය හැකි හොඳම උදාහරණය මෙයයි.

දිනක්
උදෑසන
මගේ නිවහනේ
නෙළුම් මලක් පිපිලා...
දැන් මගේ
ලිපිනය,
වල නොවේ
විල.....

[දයා රෝහණ අතුකෝරල මහතාගේ දේශණයකිනි.]

3 comments:

  1. දැන් මගේ
    ලිපිනය,වල නොවේ
    විල.....

    ReplyDelete
  2. අලුත් අවුරුද්දේ සුභවාදීව හිතන්න කියලා දුන්න අපූරු පාඩමට ස්තුතියි

    ReplyDelete
  3. @ayesha:- ගොඩක් ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයටත්....!

    ReplyDelete