(¯`•._.•මනූගේ සයිබර් සටහන•._.•´¯)

2011/12/11

ආදරයේ උල්පත් වූ අම්මා.....!



ආදරයේ උල්පත් වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නේ
සුළඟිල්ලේ එල්ලී.....

2011/11/17

~~මාධ්‍යවේදියා Journalist ~~


ලොවම නිදිගත් මොහොතක
නොනිදා රැය පහන් කරන ඔහු
මාධ්‍යවේදියා නම් වේ...

2011/11/14

මෙන්න සුපිරි පවුල්....!


සුපිරි පවුලක පොටෝස් ටිකක් හම්බවුණා.ලැබුණේ මේල් එකකින්.සුපිරි පවුලක් කිව්වට ඉතිං ලේසි පහසු පවුලකුත් නෙවෙයි.


කෙටියෙන්ම කිව්වොත් ළමයි 17 යි, අම්මයි තාත්තයි.


බලන්න එහෙනම් පොටෝ ටික කොහොමද කියලා.

2011/11/12

~~අපේ ක්‍රිකට්~~


අහෝ
ඛේදයකි
දුකකි
පොල්ලකි 
තිතකි

2011/11/08

"නයි කයිද රෝස් පාන්..." මෙන්න බලන්න වටිනවා~

~~විශාල සතුන් පවා සර්පයන්ගේ පරිභෝජනයට ලක් වන වගයි~~

 Boa Constrictor Eating Large Rodent
 [අජගරයා (පිඹුරෙකු වැනි සර්පයෙක්) කාන්නයෙකු ගිල දැමීම]

2011/11/03

මේ ඉර හඳ යට හමුවී........



දන්න කාලේ ඉඳලම අපි ගොඩක් ආදරෙන් දයාවෙන් හිටියා.ඒත් අද ඔබ ඉන්න තැනක් මා ඉන්න තැනක් කවුරුවත් දන්නේ නෑ.අඳුරන්නේ නැති පෙම්වතුන් විදියට අපි ජීවිතේ ජය ගන්න උත්සහ කරනවා.ඉස්සර ලඟ පාත හිටපු කවුරුත් දැන් පේන්න නෑ.ඒත් අපි වෙනුවෙන් අපේ ආදරේ වෙනුවෙන් හෙලන්න පුළුවන් කඳුළු තාමත් ඉතිරි වෙලා තියනවා.
මේ ඉර හඳ යට හමුවී
කථා කරපු අය
සෙනේ  වඩපු අය
ළඟ පාතකවත් නෑ....

2011/10/29

මට කියන්න 'මං ඔයාගෙමයි' කියලා...


මට කියන්න
එකම එක වතාවක්
'මං ඔයාගෙමයි' කියලා
මේ අහිංසක ඇස් දිහා 
බලාන...

2011/10/23

යාළුවනේ ලොකු උදව්වක් ඕනේ..

යාළුවනේ මට ෆේස්බුක් එකවුන්ට් එකක් තියනවා.ඒ මගේ යාළුවෝ ගොඩ දෙනෙක් දන්නවනේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මට මගේ ෆේස්බුක් එකවුන්ට් එකට ලොග් වෙන්න බෑ.මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.


කලින් use කරපු  pc වලිනුත් ලොග් වෙලා බැලුවා.ඒත් මේ මැසේජ් එක එනවා.

මේ තියෙන්න ඒ මැසේජ් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.

මගේ කලින් තිබුණ ෆේස්බුක් එකවුන්ට් එක හැක් කරපු නිසා මම හදා ගත්ත මේ අළුත් එකවුන්ට් එකේ වැඩි ආරක්ෂාවට Login Approval එකක් විදියට මගේ ෆෝන් එකට [මොබිටෙල්]   security code එකක් එන විදියට හදලයි තිබුණේ.ඒත් දැන් මාස දෙකක් විතර ඉදලා මගේ ෆොන් එකට [මොබිටෙල්] security code එක එන්නේ නෑ.

මේ මැසේජ් එකෙ යටම තියනවා Other options යටතේ Contact our User Operations team කියලා.ඒකට ගියාම මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා.

මේකේ විස්තර පුරවලා යැවුවම මට ඊ-මේල් එකක් ආවා.ඒත් ඒකෙන් වැඩක් වුණේ නෑ.ඒකේ තියෙන්නේ ලොග් වෙන තැනට යන්න ලින්ක් එකක් විතරයි.එතනට ඊ-මේල්, පාස්වර්ඩ් දුන්නම ආයෙත් මේ වගේම වෙනවා.

මගේ ෆේස්බුක් එකවුන්ට් එක හදාගන්න මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් මට උදව් කරන්න.

2011/10/18

~~අහිමි පෙමට~~


නිසලව එක විටෙක
චංචලව තව විටෙක
සැමදාම ගලා යන නදියකි..
කෙදිනක හෝ නුඹේ ඉවුරු
එකිනෙකට හමුවීද ?

2011/10/14

හිතවත් කතරේ...

මානසික රෝගීන්ද අපි වැනිම මනුෂ්‍යයෝය.මේ ඔවුන්ට අපහාස කිරීමට හෝ ඔවුන් පහත් කොට තැකීමට නොව හුදෙක් රසාශ්වාදය සඳහා පමණි.


හිතවත් කතරේ...
දිනක් පිස්සන් කොටුවේ වැඩ කරන දොස්තරවරයෙකුට පිස්සෙක් ලියුමක් තැපැල් කිරීම සඳහා ලබා දෙන ලදී.දොස්තරවරයා ගිහින් බලනකොට ඒකේ ලිපිනයක් තිබුණේ නෑ.ඒ නිසා ලියුම කඩලා බලන්න තීරණය කරා.බලද්දී මේ ලිපිය ලියලා තියෙන්නේ කතරගම දෙවියන්ට.ලියුමේ මෙන්න මෙහෙම ලියලා තිබුණා.

2011/10/12

දුම් බොන්නන්ගේ "දුම් රටා" [Smoking]


දුම් බීම නම් ඒ තරම් හොද පුරුද්දක් නෙවෙයි.රජයේ අවවාදය දුම් බීම හෘදයාබාධ ඇති කරයි කියලා කිවුවට පුරුද්දක් වශයෙන් දුම් බොන මිනිස්සු ඕන තරම් ඉන්නවා.කොහොම වුණත් දැන් දැන් දුම් බොන්නන්ගේ ප්‍රවණතාවය අඩු වේගෙන එක එකනම් සතුටට කරුණක්.


ඒ දේවල් කොහොම වුණත් මේ කියන්න යන්නේ වාතයට මුසුවෙන දුම් වලින් මැවෙන අපූරු රූ රටා කිහිපයක් ගැන.මේ පින්තූරු ටික මම ගත්තේ මට ලැබුණු ඊ-මේල් පණිවිඩයකින්.බලන්න හොදද කියලා.

2011/10/06

~~මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්~~


"වෙනදට ඉස්කෝලේ ඇවිල්ලා මම ඔයා එනකම් බලන් ඉන්නවා.ඒ පුරුද්ද මට තාමත් තියනවා.ඔයා මාත් එක්ක කතා නොකර හිටියත්, මා දිහා බලන් නැතුව හිටියත් වෙනදා පුරුද්දට මට ඔයා දිහා බැලෙනවා.ඔයා දැන් මට අයිති නෑ කියලා, ඔයා මාව අමතක කරලා කියලා මගේ හිත පිළිගන්න සූදානම් නෑ.මගේ හිත ගොඩක් බලාපොරොත්තු වලින් පිරෙව්වේ ඔයා.ඒ හැම බලාපොරොත්තුවක්ම සිද බිද දමන්න තරම් නපුරු හිතක් ඔයාට තිබුණද?

2011/10/03

සියදිවි නසා ගැනීමේ ක්‍රම[Suside Methods]

"සියදිවි නසා ගැනීම" එහෙම කිව්වම ටිකක් බරපතල කාරණාවක් තමයි.ඒත් එතිං එහෙම දේවලුත් සිද්ධ වෙනවනේ.මේ තියෙන්නේ ඒ වගේ සියදිවි නසා ගන්න පුළුවන් ක්‍රම 6ක්.මට ලැබුණු ඊ-මේල් එකකින් තමයි ගත්තේ.එහෙනම් බලලා ඔයාලගේ අදහසුත් එකතු කරන්න.

2011/10/01

ලොකේ හැමෝටම වෙන් කරපු එකම දවස

අද ඔක්තෝබර් පළවෙනිදා.අද පුංචි ළමයින්ගේ දිනය.ඒ ලෝක ළමා දිනය අදට යෙදිලා තියන නිසා.ඒ වගේම තමයි අද අපේ වැඩිහිටියන්ගේ දිනය.ඒ ලෝක වැඩිහිටි දිනයත් අදට යෙදිලා තියන නිසා.මේ අනුව බලද්දී අද දවස බාල මහලු හැමෝටම එකතුවෙලා සමරන්න පුලුවන් දවසක්.ඒ කියන්නේ අද දවස තමයි ලොකේ හැමෝටම වෙන් කරපු එකම දවස.

2011/09/30

~~දිගු දෑස දුටුවාම Digu desa dutuwama~~


සොදුරු තාරුණ්‍යයේ බිදුණු ආදරයක් ගැන කියවෙන වර්ථමානගේ ගොඩක් ජනප්‍රිය ගීතයක්.නන්දන වික්‍රමගේ මහතාගේ සොදුරු පද සංකල්පනාවට සත්සර මුසු කරමින් ලබැදි හඩ එකතු කරන්නේ රොමේෂ් සුගතපාල විසින්.
දිගු දෑස දුටුවාම හැගෙනවා පෙර සේම
උන්නු හැටි මගෙ ගාව ඔය හිතට අමතකද
බිද දමා මගෙ සිහිනේ ඇයිද ඔබ හැංගෙන්නේ
මට දෙන්න මගේ සිහිනේ ළග ඉන්න පෙර වාගේ...

2011/09/29

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 05 ]

oyata mathakada issara hemadama re wenakota oya hemotama horen mage lagata ena heti.avith mage mulu agama hemin imbala chuttak riddapu hati.eth dan oya mage laga ne.e kale kawdawath amathaka wenne ne puchchi patio.dan oyata mage lagata enna bane.Amma mata "MADURU DELAK" genath dunna. hoo.. hoo

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

2011/09/28

෴අමාවක වූ දිවිය෴


නුඹ සදක්මැයි
අමාවක නැති; පුන්සඳක්මැයි
සිසිල දෙන නුඹ
කවියක්, ගීයක් විය දිවියට බැඳි
ඉදින් මගේ සඳ...

2011/09/25

~~වෙල්ලස්සේ ගීතය~~


80 දශකයේ එවකට රජය විසින් ඌවේ එනම් මොණරාගල දිස්ත්‍රික්කයේ පැලවත්ත ප්‍රදේශයේ ඉඩම් හෙක්ටයාර 20,000 ක් උක් වගාව සදහා එංගලන්තයේ බුකේර්ටේට් සමාගමට පවරා දීමට පිඹුරුපත් සකසන්නට විය.ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී භූමියක් වූ වෙල්ලස්සේ සිදු කරන්නට සැරසෙන මේ මහා ඉඩම් කොල්ලයට රට පුරා විරෝධතා නැගෙන්නට විය.වෙල්ලස්ස භූමියේ මෙම සිදුවීම නිමිත කර ගනිමින් රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පද රචනාවට ගුණදාස කපුගේ ශූරීන් ගීයක් ගැයුවේය.

එදා ඒ ජන අරගලය නින්නාද වූයේ මෙම "වෙල්ලස්සේ ගීතයයි".
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..

2011/09/23

රංගධරයාණෙනි.. ඔබට නිවන් සුව....!


හෙළයේ මහා රංගධරයාණෙනි.. 
හෙළ  කලාකෙත පෝෂණය කරන්නට
ඔබ කළ මෙහෙය 
අමිලය අප්‍රමාණය... 

අපි ඔබට සදා ණයගැති වෙමු...


ඉතිං අවසරයි නික්ම යන්නට....

ආදරණීය ජෝ 
ඔබට නිවන් සුව....!

2011/09/12

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 04 ]

Lokaye me welawe minisungen 50% k weda karanawa. 30% k gaman biman yanawa. 10% k nida gannawa. 9.9% k santhosa wenawa.eth ekama eka harakek me sms 1 balanawa....
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

2011/08/08

කාලෙකට පස්සේ....!


ඇත්තටම කාලෙකට පස්සේ බ්ලොග් එක පැත්තෙ ආවේ..පහුගිය දවස් ටිකේ පොඩි පොඩි සිදුවීම් ගොඩක් වුණා.ඒ නිසාම බ්ලොග් එකට ලිපියක් දාන එක එහෙන්ම මග ඇරුණා.කොහොම වුණත් ආයෙත් බ්ලොග් එකට ලිපි ලියන්න පටන් ගන්න ඕනේ.


එහෙනම්.. හෙට අනිද්දම හම්බෙමු..

2011/06/29

ලොව ජනප්‍රිය නිදහස් මෘදුකාංග - Open Source SOFTWAREs



ඡයාරූප සංස්කරණය කටයුතු සඳහා බහුලව භාවිතා කරන අංග සම්පූර්ණ නිදහස් මෘදුකාංගයක්.උබුන්ටු මෙහෙයුම් පද්ධතියේ අතිරේක ඡයාරූප සංස්කරණ මෘදුකාංගය ලෙසද මෙය ලබා දී තිබෙනවා.
ගිම්ප් - gimp මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].








ඉන්ස්කේප් - Inkscape


ඇඩොබි ඉලස්ට්‍රේටර්, කොරල් ඩ්‍රෝ, ෆ්‍රී හෑන්ඩ් වැනි චෙක්ටර් ග්‍රැෆික් හෙවත් චිත්‍ර ශිල්පීය ගුණාංග මූලික කර ගත් ග්‍රැෆික් නිර්මාණ සඳහා යොදා ගත හැකි නිදහස් මෘදුකාංගයකි.
ඉන්ස්කේප් - Inkscape මෘදුකාංගය මෙතනින් නොමිලේ බා ගන්න[FREE DOWNLOAD HERE].


2011/06/17

කඳුළු දෙන්න මට හඬන්න



කඳුළු දෙන්න මට හඬන්න
සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න
සක්වල ගල සසල වන්න

හිත උපන්න ආල වන්ත
ඒ රුව කෝ මට කියන්න
මගේ තනියට මා පමණයි
ඇය එවන්න මා බලන්න

2011/06/11

~~මතක ඉම~~


හීතලව හීතලට
හැඟුමකට පණදෙන්න
නුඹේ ඔය රත්තරන් මූණ
දැකගන්න....
වරක් ඇවිදින් යන්න

2011/06/02

~~කියනවාද මට~~


කතා කරන ඔය ඇස්දෙක ළඟ
නවතිනවා මේ හිත
එදා ආදරෙන් මා දිහා බැලූ
ඒ ඇස්මයි; අදත්
කියන්න;

2011/05/30

එකවුන්ට් සර්..[Account Sir]



කළු පාටට මතු තලයේ
හුණු කූරෙන් සුදු පාටට
වේගයකින් නැලවිල්ලට
දැනුම වැමදරුවා මතකයි
හවුල් ගිණුම් ශේෂ බැලුම්
හර බැර මැන ලෙජර් ගිණුම්
පොවන්නට හැදුවා මතකයි
කසාය ලෙස ගිණුම් තැබුම්...

2011/05/23

~~~සිත~~~


ඔබ
මතකයක් තමයි..
දුක් හිත
පාරවන හැඩයි..

2011/05/21

"'' සිංහල ෆන් SMS "" SINHALA FUN SMS [ 03 ]


Siripala lastida ?
lasti sir.

Pol tika pattewwada ?
Pattewwa sir.

karaththe lastida ?
lasti sir.

Ethakota harakath harida ?
na sir eka thama message kiyawanawa . . .
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

2011/05/17

පින්බර වෙසක් මංගල්‍යක් වේවා......!


මහා සමුදුරු පිහිණුවේ
කර තබාගෙන තම මෑණියන්
එවන් පුතු හට බුදු බව පැතූ
භවෙන් භවයෙහි පෙරුම් පිරුවා
පසන් කිරිමට අමා නිවන්
වෙසක් පෝ දින අදයි අපි
දල්වමු බැති පහන්..!


දම් සිසිලෙන් සිත සැනසෙන පින්බර වෙසක් මංගල්‍යක් වේවා......!

2011/05/16

වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.



වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.


වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී  කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

2011/05/10

මට ගොඩක් පාළුයි.අහන්න මගේ හදවත-I'm so lonely broken angel



I'm so lonely broken angel 
I'm so lonely listen to my heart 



man dooset daram:
-I've loved you- 
be cheshme man gerye nade:
-Don't give cry to my eyes- 
na, nemitoonam:
-No, i can't- 
bedoone to halam bade: 
-Without you i'm depressed-

2011/05/05

.....ආදරය.....

කවුරු මොනවා කීවත්
කවුරු මොනවා කෙරුවත්
මගේ හිතේ තියෙන දේ
ඔයාට කියා ගන්න
මට හයියක් නෑ......
ඒත්....

2011/05/01

ඉන්දියාව අභියෝග කරන ලංකාවේ LPL විස්සයි20 ක්‍රිකට් තරගාවලිය


ඉන්දියන් ප්‍රීමියර් ලීග් නැත්තම් අපි කවුරුත් දන්න IPL විස්සයි20 ක්‍රිකට් තරඟාවලියට සමාන තරඟාවලියක් ශ්‍රී ලංකාවේත් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ආරංචිය.තරඟාවලිය මේ වසරේ ජූලි හා අගෝස්තු මාස වලදී පැවැත්වීමටයි තීරණය කරලා තියෙන්නේ.මේ සඳහා විදේශ ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිතයි.

2011/04/29

අන්තර්ජාලයේ අපරාධ හෝඩිය [Cyber Crime]



ඇඩ්වෙයා [Adware]
මෙය එක් වරක් පරිඝණකයට ස්ථාපිත වූ පසු විවිධ වෙළඳ ප්‍රචාරණවලට අපේ පරිඝණකය නිරාවරණය කරන වැඩසටහනක්.

බ්ලැක් හැට් [BlackHat]
මෙනමින් හැඳින්වෙන්නේ අපරාධ කිරීමේ අරමුණින් තමන්ගේ හැකියාවන් පෙන්වන හැකර්කරුවන්ය.

2011/04/24

අයිකන් මවන සූත්තරේ - ICON EDITOR

තමන් කැමති තාලෙට තමන්ට කැමති අයිකන් එකකින් තමන්ගේ ෆෝල්ඩර්ස්, ඩෙක්ස්ටොප් එක ආදිය හැඩ වැඩ කර ගන්න ආසයිනේ.ඉතිං මේ සඳහා තමන්ටම කියලා අයිකන් නිර්මාණය කර ගන්න ඕනේ.මේ වැඩේට විවිධ මෘදුකාංග අන්තර්ජාලයෙන් නොමිලේම බා ගන්න පුළුවන්.මේ මෘදුකාංග අතරින් වඩාත් ජනප්‍රිය මෘදුකාංගයක් ගැනයි අද ඔයාලට කියන්න යන්නේ.


මේ මෘදුකාංගයේ නම තමයි "සිබ් අයිකන් එඩිටර් [Sib Icon Editor]".

2011/04/21

මොකක්ද මේ IPL

ඉන්දියන් ප්‍රීමියර් ලීග් [INDIAN PREMIER LEAGUE-IPL] ඉන්දියාවේ පවත්වනු ලබන විස්සයි20 [TWENTY20] ක්‍රිකට් තරඟාවලිය සඳහා වූ වෘත්තීය ගිවිසුමයි.එහි මූලිකත්වය ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය [Board of Control for Cricket in India-BCCI] සතු වන අතර මූලස්ථානය මුම්බායි මහාරාෂ්ත්‍රහි [ MAHARASHTRA] පිහිටා ඇත.

2011/04/19

අපේ අළුත් ක්‍රිකට් නායකත්වය


මේ ගැන දැන් අපි කවුරුත් දන්නවා.නමින් ඔහු තිලකරත්ත ඩිල්ෂාන්.අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අරම්භක පිතිකරුවා.මුලින්ම ඔහුට සුභ පතන ගමන් එහෙන් මෙහෙන් සොයා ගත්ත විස්තර ටිකක් කියන්න තමයි යන්නේ.

2011/04/14

නව වසරකට ආසිරි.....!



ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද 
පැතුම් මල් ඉටුවන
සතුටු සිනා කැන්දන
වාසනාවන්ත වසරක් වේවා....!

ළබැඳි හිතමිතුරු සියළුම දෙනාට 

෴මනූගේ blog සටහනින්෴ 


ආසිරි.....!

2011/04/13

මයික්‍රොසොෆ්ට් දුන්න අලුත් තෑග්ග I.E 9


වින්ඩෝස් භාවිතා කරන අයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් අලුත් වෙබ් බ්‍රවුසරය පසුගිය මාර්තු 14 වෙනිදා හඳුන්වලා දුන්නා.ඒ අයිඊ9 [I.E 9]. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නම් කරලා තියෙන්නේ "අන්තර්ජාලයේ අසිරිය හොඳින් නරඹන්නට ඇති මඟ [Welcome to a more beautiful web]" යනුවෙන්.ඕනෑම වින්ඩෝස් සංස්කරණයකට පහසුවෙන් භාවිතා කරන්නට හැකි වන පරිදි මෙය සකසා තියනවා.දැන් ඕනෑම කෙනෙකුට ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් 9 නොමිලේම ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන්.

2011/04/05

ලෝක කුසලානයෙන් පසු අපේ ක්‍රිකට්




දෙවන වරටත් ලෝක අනුශූරයන් වූ සංගා ඇතුළු අපේ ක්‍රිකට් කණ්ඩායමට මුලින්ම සුභ පැතුම් එකතු කරන්නට කැමතියි.


ලෝක කුසලාන තරඟාවලිය අවසන්.අප සියළු දෙනාගේ බලාපොරොත්තු මැද ශ්‍රී ලංකාව අවසන් තරඟයට සුදුසුකම් ලැබුවත් අපිට හිමිවූයේ නැවත් වරක් අනු ශූරයන් වී ආපසු පැමිණීමටය.


සියල්ල සිදු වී හමාරය.නැවත් වරක් ලෝක කුසලානයක් වෙනුවෙන් සිහින දැකීමට 2015 වන තෙක් බලා සිටීමය සිදුවේ.එය එසේ වුවත් අපේ ක්‍රිකට් අදින් නතර නොවේ.2015 වනතෙක් වෙනත් තරඟාවලීන් සඳහා අපට මුහුණ දීමට සිදුවේ.ඒ සඳහා අපි සූදානම් විය යුතුය.සිදුවූ වැරදි අඩුපාඩුකම් හදා ගත යුතුය.තිබූ දක්ෂතා වැඩුදියුණු කර ගත යුතුය.

2011/03/28

~~ජීවිතේ මල් අම්මා ඉන්නකල්~~

නැත....
ඉස්පාසුවක් කවදාවත් නුඹට
දරුවන් හැර.. බිරිඳකට වඩා..
ආදරය....
ඒ නිසයි දෙතනේ කිරි එරුනේ
හැමදාම
දරුදුක වැඩි හින්දා....

2011/03/21

Sony Ericsson PC Suite


සාමාන්‍යයෙන් ජංගම දුරකතනයක් පරිඝණකය සමඟ සම්බන්ධ කරන්නේ දත්ත කේබලයක් [Data Cable] නැත්නම් බ්ලූටූත් හරහා.මේ මොන දේ කරන්නත් පරිඝණකය මත දුරකතනය ස්ථාපිත [Install] කළ යුතුය.වර්ථමානයේ ඇති බොහෝමයක් ජංගම දුරකතන ස්වයංක්‍රීයව පරිඝණකය මත ස්ථාපිත වෙනවා.නමුත් ඊටම අදාල මෘදුකාංගයක් හරහා මේ වැඩේ කර ගන්නවනම් ගොඩක් ලේසියි.

2011/03/16

විකෘති කළ අකුරු පෙළ- කැප්චා පස්ල්ස්[Captcha Puzzles]

අන්තර්ජාලේ එහෙට මෙහෙට දුවන අපි හැමෝටම කැප්චා පස්ල්ස්[Captcha Puzzles] හමුවෙලා තියනවා.ම්ම්ම්.... එහෙම කිව්වට හිතා ගන්න අමාරුයි නේද..? පිළිවෙලක් නැති ඇද වෙච්ච අකුරු ටිකක් තේරුම් බේරුම් කරලා අරගෙන පුරවන්න අවස්ථාව හම්බෙලා තියනවා නේද...? අන්න ඒ වැඩේට තමයි කියන්නේ කැප්චා පස්ල්ස්[Captcha Puzzles] කියන්නේ.

2011/03/11

වෙනස


ඔබ ලියන කවි තරම්
ආදරය ගැඹුරු නැතැයි
ඔබ ගොතන පද තරම්
ආදරය ගැඹුරු නැතැයි
සිනාසී කියූ ඇය......

2011/03/07

ජීවිතය ජයගන්න


පුංචි කාලේ ඉදලම පොත් කියවන එක පුරුද්දක් වශයෙන් මම කරපු දෙයක්.මෙහෙම කිව්වට මහා ලොකු පොත් ගොඩක් නම් කියවලා නෑ.වෙලාවක් ලැබුණම හොඳයි කියලා පොතක් හම්බුණොත් ඉතිං කියවනවා.ඔහොම පොත් කියවන අතරේ මොකක් හරි වැදගත් කියමන්, ප්‍රස්ථා වගේ දෙවල් තිබුණොත් පොතක ලියා ගන්නත් අමතක කරේ නෑ.ඒ දේවල් මම විනොදාස්වාදයක් විදියට තමයි කළේ.ඉතිං ඔහොම එකතු කර ගත්තු තොරතුරු ටිකක් ඔයාලටත් කියන්නයි මේ සූදානම.ජීවිතේට ගොඩක් වටින දේවල් තියනවා.ඉතිං මේ දෙවලුත් ජීවිතේට එකතු කර ගෙන ජීවිතේ සතුටින් ගෙවන්න කියලයි මේ ආරාධනය.

මුල්ම ලිපියෙන් අධ්‍යාපනයේ ඇති වැදගත්කම ගැන කියන්නයි යන්නේ.

*අධ්‍යාපනය යනු ජීවිතය හමිවෙහි පැන නඟින අවස්ථාවනට මුහුණදීමේ හැකියාවයි.
-ප්‍රින්ස්ටන් වි.වි. හිටපු සභාපති ආචාර්ය ජෝන් ජී. හිබක-

2011/03/02

මෙන්න තවත් බ්ලොග් ලිපි හොරෙක්


බ්ලොග් ලියන්නන් අතර අනුන්ගේ ලිපි ඒ ආකාරයෙන්ම තමන්ගේ බ්ලොග් අඩවියේ පලකරන්නන් විවිධ අවස්ථාවන් වලදී අසු විය.


තවත් ඒ ආකාරයේම අනුන්ගේ ලිපි තමන්ගෙ අඩවියේ පළ කිරීම පුරුද්දක් කරගෙන සිටින බ්ලොග් පිලි හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ.
නමින් "lankaitkatha "
http://itkatha.blogspot.com/

2011/03/01

මම කැමතියි, ඇය කැමතියි, ඔහු කැමතියි, ඔබ.....? Madagascar I Like to Move It...



I like to move it,move it
She likes to move it,move it

He likes to move it,move it
You like to ("move it")

2011/02/28

'''''''ආදරෙයි මං නුඹට'''''''

මගෙ අතින් අල්ලගෙන
නුඹ බොහෝ දුර ගිහින්
මං හැරී බලන සඳ
මං හිටියේ හිටපු තැන.....

ඇත්තමයි මහ හුඟක්
ආදරෙයි මං නුඹට
මගෙ හිතට කියන කළ
හිනහෙනව හිත මටම....

2011/02/24

මොකක්ද මේ 'කළු පෙට්ටිය[BLACK BOX]'

උපතින් මෙය තැඹිලි පාට කුඩා පෙට්ටියකි.කාල තුවක්කුවකට දමා කොන්ක්‍රීට් බිත්තියකට වෙත වෙඩි තැබුවත් හානි වෙන්නේ නැත.සෙන්ටිග්‍රේඩ් අංශක 1000ක් උණුසුම් තැනක පැය භාගයක් තැබුවත් ක්‍රියා විරහිත නොවේ.අඩි 20000ක් ගැඹුරු මුහුදේ මාස ගණනක් තිබුණත් කිසිවක් වෙන්නේ නැත.

2011/02/16

අළුත් ජංගම දුරකතන මිලදී ගන්නවනම් මේ ගැනත් බලන්න..




අළුතින් ජංගම දුරකතන මිලදී ගැනීමට අපේක්ෂා කරන හැමදෙනාටම නොමිලේම තම දුරකතනය අනුමත එකක් දැයි ඔබ විසින්ම පරීක්ෂා කර බැලීමේ හැකියාව දැන් ලබා දීලා තියනවා.මේ සේවාව සපයන්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.


(1). අප මිලදී ගැනීමට අපේක්ෂා කරන දුරකතනය අඩංගු පෙට්ටියේ අංක 15 කින් යුත් IMEI අංකය හා TRCSL අනුක්‍රමික අංකය තිබේදැයි බලන්න.
[*#06# මඟින් IMEI අංකය ලබා ගන්නට පුළුවන්].